Sunday, November 21, 2010

කාලෙකට පස්සෙඉතින් කොහොමද?

ඉතින් කොහොමද? මට සෑහෙන කාලෙකින් එන්න බැරි උනා ඒත් ඔන්න දැන්නම් දිගටම මේ පැත්තෙ එන්න බලාපොරොත්තු වෙනව. දැන් ඉතින් ඒ ලෙවල් රිසල්ට් එන්නත් ලගයිනෙ එකත් බලලම වැඩ පටන් ගන්නව. තව එච්චර කල් නෑ

Sunday, December 13, 2009

අද එතැන් සිට

අද එතැන් සිට. මම එදා මගෙ කොම්පියුටර් ඉතිහාසය ලියල මගින් නැවත්තුවනෙ ඔන්න දැන් තමයි ඉතුරු ටික ලියන්න වෙලාවක් හම්බ උනේ.ඔන්න මට ටික කාලයක් යනකොට හැදුන ඉන්ටර්නෙට් පිස්සුව.මමත් කොහොම හරි ඉන්ටර්නෙට් ගන්න පොටක් පාද ගන්න මාන බලබල ඉන්න අතරෙ මට මීටර් උනා ඔය රූප පෙට්ටියෙ යන ඇඩ් එකක් දැකල අපේ ගෙදර තියෙන සන්ටෙල් සී ඩී එම් ඒ ෆෝන් එකට ඉන්ටර්නෙට් ගන්න පුලුවන්නෙ කියල.ඔන්න දවසක් ගියා ෆෝන් එකත් අරගෙන කුලියපිටියෙ සන්ටෙල් කඩේට මම විස්තරේ කිව්වට පස්සෙ මුන් කියාපි කේබල් එකට රු600 ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට රු1200 කියල.අනේ මගේ අහිංසක තාත්ත මුකුත් නොකියම සල්ලි ඇදල දුන්න.යමින් ගමන ගියා මම මගෙ මැසිම ගත්ත කඩේට. උන් කියාපි අයියෝ මල්ලි මේක සීරියල් කේබල් එකක්නෙ මේකෙ ස්පීඩ් එක අඩුයි කියල.ඒ මදිවට මේක මැසිමට ගහල මොනාද ඉන්ස්ට්‍රෝල් කරන්නත් ඕනලු ආයෙ ගෙදර ගිහින් හවස මැසිමත් අරගෙන ෆෝන් එකත් අරගෙන කුලියපිටියට ආව ඇවිත් ඒක කරගෙන ගියා ඕං. ඒ ගියාට මම ඉන්ටර්නෙට් ගැනත් මුකුත්ම දැනගෙන හිටියෙ නෑ.ගෙනල්ල තනියම ඔහේ වැඩ කොරල කොරල ඔන්න ටිකක් ඉගෙන ගත්ත. ඊට පස්සෙ ඔය ඉන්ටර්නෙට් ඊ-මේල් කෝස් එකකුත් කරා ඒකට මම ගියේ දවස් දෙකයි.වැඩක් නෑ උ හදන්නෙ අපිව හාවො කරන්න. ඉන්ටර්නෙට් ගත්තයි කිවුවට මම මුලින්ම ගත්තෙ පෙර ගෙවුම් එකටනෙ විනාඩියකට 4 විතර යනව වැඩේ පාඩුයි.ඔහොම යනකොට මට ආරන්චි උනා පසු ගෙවුම් එකට හරව ගත්තම ලාබයි කියල වහාම ක්‍රියාත්මක වන පරිදි ඒක කලා.එතකොට දුන්න කොලේක තිබුන අය කරන විදිහ වැඩේ හැටියට සෑහෙන අඩුයි මමත් ගියා දිග හරහ නැතුව මෙන්න බොලේ බිල ආව රු.1200 ඊලග මාසෙ රු.1700.ඊලග මාසෙ රු.2000. මට එතකොට තමයි අර රජ කාලෙ උන සිද්දිය මතක් උනේ.ඉගුරු දීල මිරිස් ගත්ත වගේ එහෙමත් නැත්නම් කබලෙන් ලිපට වැ‍ටුන වගේ කියන එක.මම වහාම ආයෙත් පෙර ගෙවුම් එකකට මාරු කර ගත්ත. ඒ මාරු කරගෙන අයෙත් මාස දෙකක් විතර යනකොට ආයෙත් මට ආරංචි උනා ඉන්ටර්නෙට් යන්න පෙර ගෙවුම් කාඩ් එකක් තියෙනව කියල මමත් සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඒ කාඩ් එකක් ගෙනාව ගෙනල්ල යූසර් නේම් පාස් වර්ඩ් ගහල යන්න හදුවට යන්න බෑ.පස්සෙ හොයල බලද්දි තමයි දැන ගත්තෙ ඒක පාවිච්චි කරන්න පුලුවන් පසු ගෙවුම් වල විතරලු. මමත් ඉතින් අර 200ට ගෙනාපු කාඩ් එක 100 විකුනල අත පිහ දා ගත්ත. ආයෙත් මාස 4ක් 5ක් විතර යද්දි ආයෙත් ගෙදර කට්ටියට වැදල වැදල සෑහෙන්න රස්තියාදු වෙලා ආයෙත් රු 300 කට කෙලෝගෙන ආයෙත් මේක පසු ගෙවුම් එකකට මාරු කර ගත්ත.දැන් මම ඉන්ටර්නෙට් යන්නෙ ඒ කාඩ් එකෙන්. ඒක මාර ලාබයි මම දැනුත් යන්නෙ ඒකෙන් පැය ගනන් බය නැතුව ඉන්න පුලුවන්. මේ සිද්දි ඔක්කොම වෙලා දැන් මාස 3 විතර.ඔන්න ඕකයි මගෙ කතාව. ඔන්න මට දැන් බ්ලොග් දෙකක්ම තියෙනව. http://www.randunu.webs.com/ http://www.sandaruwan-siracom.blogspot.com

Friday, December 4, 2009

මගේ කොම්පියුටර් ඉතිහාසය

මමත් හිතුව මගෙ කොම්පියුටර් ඉතිහාසය ලියන්න.වැඩි විස්තර ඕනෙ නෑ මෙන්න මෙහෙමයි උනේ, ඔන්න මම ඕ/ලෙවල් එහෙම කරල ගියා ඉන්ගිරීසි පන්තියකට කට්ටිය බලයි කොහොමද යකෝ ඉන්ගිරීසි පන්තියකට හිහින් කොම්පියුටර් ඉගෙන ගත්තෙ කියල පොඩ්ඩක් හිටපල්ලකො කියන කල්.

 ඔය ඉන්ගිරීසි පන්තිය ලගම තිබුන කොම්පියුටර් පන්තියක් ඔන්න ඔහෙ ඒ ගමන්ම ඒකටත් ගියා.වැඩේ ටිකක් අල්ලල ගියා. මම ඕ/ලෙවල් කරල ඉවර වෙද්දි කොම්පියුටරයක් ඔන් කර ගන්ඩවත් දන්නෙ නෑ.උන් මුලින්ම කරේ එම්.ඕ.එස් ද මොකක්ද කියල කෝස් එකක් ඔන්න ඉතින් කාලය ඔහොම ගෙවිල යද්දි ප්‍රතිපලත් ආව මෙන්න බොලේ මම ඉහලින්ම පාස් ඉහලින්ම කිව්වට ඉතින් ඉහලින්ම නෙමෙයි මොනා උනත් මටනම් ඒක ඉහටත් උඩින් ඒ3,බී3,සී3,එස්1 හොදටම ඇතිනෙ.මේ වෙනකොට මගෙ කොම්පියුටර් පිස්සුව හොදටම උඩු දුවල තිබුනෙ.ඒක හින්ද මම කලින්ම කියල තිබුනෙ මම පාස් උනොත් කොම්පියුටර් එකක් ඕනෙ කියල.ප්‍රතිපල ඇවිත් සති 2 විතර ගියා වැඩේ හරි ඔන්න දවසක් ගියා කොම්පියුටර් එකක් ගන්ඩ උන් මට හද්ද පරණ මැසින් වගයක් පෙන්නුව මම කිව්ව මට අලුත් එකක් ඕනෙ කියල.ඊට පස්සෙ මුන් මගෙන් අහුව කොහොමද මගෙ මැසිම ඇසෙම්බල් කරන්න ඕනෙ කියල.

මමත් ඔය කොම්පියුටර් කෑලි ගැන තියෙන පොතක් එහෙම හොදට බලලයි ගියේ.මමත් කිව්ව කොහොම හරි මම ගන්න හිතාගෙන ගියාට වඩා හොද මසිමක් ගෙනාව 1.60 Ghz selaran processor 1 GB Ram 160 hard disk 224 on Bord VGA fox cone mother bored 17'' CRT Real flat monitor optical mouse & multimedia key bored ඔන්න ඉතින් මම පන්ති යාමත් නවත්තල තනියම ඉගෙන ගන්න පටන් ගත්ත

ඒකනම් මරු වඩේ මුලින්ම වයිරස් එකක් ගිහින් කුලියපිටියට හැතැප්ම 15 විතර බයික් එකේ අරගෙන ගියා.උන් ඒක ෆෝමැට් කරල එක්ස් පී දාල තව සොෆ්ට් වෙයාර් වගයකුත් දාල මල්ලි ඔයාලට හින්ද රු.600 ගත්ත.අනේ ඒ අයිය හරි හොදයි.දැනුත් මම ඒ අයියගෙ දෙමව්පියන්ව මතක් කරනව. දෙවෙනි පාරත් ඔය වැඩේම වෙලා තවත් රු.600 යක් ඌට පූජ කරන්න උනා.ඒ කාලෙ මට මගෙ මැසිමට මොනා හරි උනහම කන්න බොන්නවත් බෑ හරිම දුකයි මේකනම් සහතික ඇත්ත මේක තේරෙන්නෙ තවත් මට වගේම වෙලා තියෙන කෙනෙකුට විතරයි.ඔන්න තව පාරක් මම වැඩ කරකර ඉන්නකොට මැසිම එක පාරටම ඕෆ් උනා එදානම් මම හිතුව වැඩේ හරි තමයි කියල.වාසනාවට පවර් සප්ලයි එක පිච්චිලා විතරයි ඒකට ගද්දිම 1 ඉය්ර් වොරන්ටි ඒත් අරන් ගිහාම මල්ලි මේක ‍ෆිසිකල් කේස් එකක් ඒක හින්ද මාරු කරන්න බෑ කිව්ව මට එවෙලෙ ආපහු ආවෙ උගෙ පරම්පරාවම මතක් කරකර ඒකෙ ඉතින් වරදක් නෑනෙ.පස්සෙ රු.1600 දීල අලුත් එකක් දෙම්ම.අයෙත් මාස 3 විතර යද්දි ඕකටම කෙලවුනානෙ වාසනාවට පස්සෙ ඒක ගත්ත එකා මට මාරු කරල දුන්න. ඔය අස්සෙ ගෙදරිනුත් බනිනව ඔය අටමගලෙ ගෙනාපු දා ඉදලම කැඩෙනව අයෙත් හදනව ආයෙත් ඕක හදන්න එහෙම සල්ලි ඉල්ලන්න එපා කියල.දැන්නම් ඉතින් මට මගෙ මසිමෙ ඕන දෙයක් තනියම කරන්න පුලුවන්.කතාව මෙතනින් ඉවර නෑ තව තියෙනව. මතු සම්බන්දයි

Tuesday, November 10, 2009